ඉඩම් පරිපාලනය

           මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග සැතපුම් 47. 05 ක් පුරා ව්‍යාප්තව ඇත. එහි වූ සමස්ථ භූමි පරිභෝජනය ජනාවාසකරණය වගාවන් හා වෙනත් සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත. එහි සමස්ථ භූමි කළමණාකරණය සදහා තම රාජකාරිමය වපරිසය තුල අනන්‍යවූත් , සුවිශේෂීවූත් කාර්භාරයක් ඉටුකරන බව පහත වූ කාර්යාවලිය තුලින් අවබෝධ කොට ගත හැකිව ඇත.

  1. දීමනා බලපත්‍රයක් සකස් කිරීම. - (බලපත්‍ර ලබා දී ඇති ඉඩමක් සදහා)
  2. දීමනා බලපත්‍රයක් හෝ බලපත්‍රයක අනුප්‍රාප්තියක් නම් කිරීම.
  3. අනවසර ඉඩම් නිත්‍යානුකුල කිරීම.
  4. දීමනා පත්‍ර බැහැර කිරීම.
  5. දීමනා පත්‍රවල වැරදි නිවැරදි කිරීම.
  6. රජයේ දෙපාර්තමේන්තු සදහා ඉඩම් ලබා දීම.
  7. ඉඩම් වල ඵලදාව බදු දීම.
  8. දීර්ඝ කාලීන පදනමක් මත ඉඩම් බදු දීම සදහා නිර්දේශ යැවිම.
  9. වාර්ෂික බදු මත ඉඩම් බලපත්‍ර ලබා දීම.
  10. දීමනා පත්‍රයක මුල් අයිතිය ඉල්ලීම මත පැවරීම. (මියගිය පසු)
  11. ඉඩමේ දීමනා පත්‍රයක් ඇපයට තැබිමට අවසර දීම.
  12. ඉඩම් අත්පත් කර ගැනීම.
  13. ර‍ජයේ ඉඩම් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම.

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top