01.මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම
02.ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම
03.අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම
04.අවශ්‍ය පිරිවිතර අනුව , අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම
05.එම සැපයුම්කරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම
06.මිළ කැදවීම් ලැබුණු පසු ඒවා ටෙන්ඩර් මණ්ඩලයට ඉදිරිපත් කරන තුරු පොතක සටහන් කර ටෙන්ඩර් පෙට්ටියට දැමීම
07.ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම
08.ලැබී ඇති මිල කැඳවුම් අවශ්‍යතාව අනුව ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම
09.ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
10.අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම
11. කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම
12.අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරීම
ඉඩම් පරිපාලනය
මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්ග සැතපුම් 47. 05 ක් පුරා ව්‍යාප්තව ඇත. එහි වූ සමස්ථ භූමි පරිභෝජනය ජනාවාසකරණය වගාවන් හා වෙනත් සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත. එහි සමස්ථ භූමි කළමණාකරණය සදහා තම රාජකාරිමය වපරිසය තුල අනන්‍යවූත් , සුවිශේෂීවූත් කාර්භාරයක් ඉටුකරන බව පහත වූ කාර්යාවලිය තුලින් අවබෝධ කොට ගත හැකිව ඇත.
- දීමනා බලපත්‍රයක් සකස් කිරීම. - (බලපත්‍ර ලබා දී ඇති ඉඩමක් සදහා)
- දීමනා බලපත්‍රයක් හෝ බලපත්‍රයක අනුප්‍රාප්තියක් නම් කිරීම.
- අනවසර ඉඩම් නිත්‍යානුකුල කිරීම.
- දීමනා පත්‍ර බැහැර කිරීම.
- දීමනා පත්‍රවල වැරදි නිවැරදි කිරීම.
- රජයේ දෙපාර්තමේන්තු සදහා ඉඩම් ලබා දීම.
- ඉඩම් වල ඵලදාව බදු දීම.
- දීර්ඝ කාලීන පදනමක් මත ඉඩම් බදු දීම සදහා නිර්දේශ යැවිම.
- වාර්ෂික බදු මත ඉඩම් බලපත්‍ර ලබා දීම.
- දීමනා පත්‍රයක මුල් අයිතිය ඉල්ලීම මත පැවරීම. (මියගිය පසු)
- ඉඩමේ දීමනා පත්‍රයක් ඇපයට තැබිමට අවසර දීම.
- ඉඩම් අත්පත් කර ගැනීම.
- රජයේ ඉඩම් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම.
විශ්‍රාම වැටුප් අංශය මගින් සිදු කරන සේවාවන්
- සිවිල් විශ්‍රාම වැටුප් සකස් කිරීම
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සකස් කිරීම
- විශ්‍රාමික දුම්රිය බලපත්‍රයක් ලබා ගැනීම
- විශ්‍රාමිකයන් සදහා වැටුප් විස්තර ලබාදීම
සිවිල් විශ්‍රාම වැටුප් සකස් කිරීම
මෙම කොට්ඨාසයට අයත්
1.රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම ගිය පසු අදාල ආයතන මගින් එම අයගේ ලිපි ගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවට යැවීම.
2.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් එම ආයතනයේ විශ්‍රාම වැටුප සකස් කර ගෙවීම් කරනු ලැබේ. (විශ්‍රාම වැටුපු දත්ත පද්ධතිය මගින් - වාර්තාගත ක්‍රමය හරහා ගෙවීම් කරයි.)
3.අනතුරුව එම ලිපිගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එවනු ලැබේ.
4. අදාල ආයතනය මගින් ඇමුණුම් 1 ආකෘතිය මගින් ලිපිගොනුව අවශ්‍ය තොරතුරු තිබේදැයි පරීක්ෂා කර බලා අඩුපාඩු විශ්‍රාමිකයන්ගෙන් ගෙන්වා ගනු ලැබේ.
වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සකස් කිරීම
- සිවිල් විශ්‍රාමික අය මියගිය පසු අදාල විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා බැලීම.
- අදාල විශ්‍රාමික අය දායක වී ඇත්නම් ඇමුණුම් අංක 02 හි සදහන් ලියකියවිලි අප වෙත භාර දීම.
- අදාල ලියකියවිලි නිවරැදිදැයි පරීක්ෂාකර බලා සිවිල් විශ්‍රාම වැටුප් අංකය මගින් අදාල තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කර වැන්දඹු විශ්‍රාම වැටුප වාර්තාගත ක්‍රමය හරහා සකස්කර ගෙවීම් කිරීම.
- වැන්දඹු ප්‍රදානය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර අදාල වැන්දඹු ගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යවනු ලැබේ.
විශ්‍රාමික දුම්රිය බලපත්‍රයක් ලබා ගැනීම
- අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් විශ්‍රාමිකයන් ( දෙදෙනාම විශ්‍රාමික නම් එක් අයෙක් පමණක් ලබාගත යුතුය.) PD 07ආකෘතිය මගින් දුම්රිය බලපත්‍රයට ලබාගැනීම සදහා අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත පද්ධතිය මගින් ලියාපදිංචි විය යුතුය.
- පළමුවර පමණක් ඉහත ආකෘතිය මගින් ලියාපදිංචි වියයුතු අතර දෙවන වර සිට දුම්රිය බලපත්‍ර ලබාගැනීමට එන අවස්ථාවේ දී නැවත අකෘතිපත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවේ. විශ්‍රාම වැටුප් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ගමන කොහේ සිට කොහාටද යන්නත් යන එන දිනත් පමණක් අප වෙත ලබාදිය යුතුය.
- අනතුරුව මාර්ගගත හරහා දුම්රිය බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
- එක් පුද්ගලයකුට වර්ෂයකට කට්ටල 3ක් හිමිවෙනු ඇත.
විශ්‍රාමිකයන් සදහා වැටුප් විස්තර ලබාදීම
- විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අංකය ඇතුලත් කර ඉල්ලීම් ලිපියක් අපවෙත ලබාදීම.
- ඒ අනුව මාසික වැටුප් විස්තර හා වාර්ෂික වැටුප් විස්තර මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙනු ලැබේ.
නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය PD7














