අනු අංකය සපයනු ලබන සේවාව සේවා ලාභියා විසින් සම්පූර්ණ කල යුතු අවශ්‍යතා සේවාව සැපයීමට ගතවන කාලය
1 ආදායම් සහතික නිකුත් කිරීම 1.ආදායම් තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීම. විනාඩි 20
2.සේවා ගාස්තුව ගෙවීම.
2 එක් දින සේවා හැදුනුම්පත් නිකුත් කිරීම. 1.උප්පැන්න සහතිකයේ මුල් පිටපත 
2.ICAO ප්‍රමිතියට අදාල ඡායාරූපය විනාඩි 05
3. නැතිවූ හැදුනුම්පතක් සදහා පොලිස් වාර්තාව 
4.හැඳුනුම්පත භාවිතා කළ බවට සාක්ෂි 02 ක්
5.  ග්‍රාම නිලධාරි වෙත ගෙවන ලද මුදල් රිසිට්පත
6. සංශෝධිත හැදුනුම්පතක් නම් භාවිතා කළ හැදුනුම්පත
3 නැති වූ හැදුනුම්පතක අනුපිටපතක් ලබාගැනීම. 1.  පු.ලි.දෙ.අයදුම්පත්‍රය  දින 04
2. උප්පැන්න සහතිකය  මුල් පිටපත
3. ICAOප්‍රමිතියට ඡායාරූපය
4.  ග්‍රාම නිලධාරි වෙත ගෙවන ලද මුදල් රිසිට්පත (රු.1000/-)
5. රු.120/- මුද්දර ගාස්තු
6. හැදුනුම්පත නැතිවූ බවට පොලිසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
7. නැති වු හැදුනුම්පත් අංක භාවිතා කල බවට සනාථ කෙරෙන ලියවිලි 02
(මෙම අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ලබාගෙන ග්‍රාම නිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය)
4 සංශෝධිත හැදුනුම්පතක් ලබාගැනීම. 1.      පු.ලි.දෙ.අයදුම්පත්‍රය පත්‍රය  දින 04
2.      උප්පැන්න සහතිකය මුල් පිටපත
3.      භාවිතා කරන හැදුනුම්පත   
4.      ICAOප්‍රමිතියට  ඡායාරූපය
5.   ග්‍රාම නිලධාරි වෙත ගෙවන ලද මුදල් රිසිට්පත (රු.500/-)
6.   රු.120/- මුද්දර ගාස්තු   
                                                            
(මෙම අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ලබාගෙන ග්‍රාම නිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය)
5 මුල් වරට හැදුනුම්පතක් ලබා ගැනීම. 1. පු.ලි.දෙ.අයදුම්පත්‍රය පත්‍රය  දින  04
2. උප්පැන්න සහතිකය මුල් පිටපත
3. ICAO ප්‍රමිතියට අදාල ඡායාරූපය
4.ග්‍රාම නිලධාරි වෙත ගෙවන ලද මුදල් රිසිට්පත (රු.200/-)
5. රු.120/- මුද්දර ගාස්තු
6. අවු.16 ට වැඩි නම් 2500/- දඩ රිසිට්පත (අයඳුම්කරු නමට ගෙවා ඇති)

7. පු/ලි/දෙ/මෙ/ 02/03 ආකෘති පත්‍රය7. පු/ලි/දෙ/මෙ/ 02/03 ආකෘති පත්‍රය

8. අඩු ආදායම්ලාභී පුද්ගලයකු නම් පමණක් පු/ලි/දෙ/මෙ/ 02/05 ආකෘතිය සමඟ රු.250/-ක දඩ රිසිට් පත

(මෙම අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ලබාගෙන ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය)
6 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම. 1.අදාළ ඉල්ලුම් පත්‍රය දින  04
2.ව්‍යාපාරයට අදාළ ආයතන වල නිර්දේශ
3.ප්‍රාදේශිය සභාවට මුදල් ගෙවූ රිසිට් පත්‍රයේ ඡායා පිටපතක්
4.ව්‍යාපාරික ස්ථානයේ අයිතිය සහතික කිරීම සදහා සහතික කරන ලද ඔප්පුවේ ඡායා පිටපතක් සහ මාස 06ක් ඇතුලතව ලබා ගත් පත්ඉරුව
5.ග්‍රාම නිළධාරි වාර් තාව
6.ග්‍රාම නිළධාරි තහවුරු කරන ලද ජාතික  හැදුනුම්පතේ පිටපතක්
7 පදිංචි සහතික අනු අත්සන් කිරීම. 1.ජාතික හැදුනුම්පත (අවශ්‍ය වුවහොත්) විනාඩි 05
8 සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම. 1.ඉල්ලිම් ලිපිය විනාඩි 30
2.රජයේ පශු වෛද්‍ය නිළධාරීන්ගෙන් ලබාගත් සෞඛ්‍ය සහතිකය, ගව වවුචරය,වාහනය නිර්දේශ කිරීමේ සහතිකය
3.අයිතිය සනාථ කිරිමේ ලේඛන (සත්ත්ව ගොවිපලක් නම් ලියාපදිංචි සහතික පිටපත.)
4.ප්‍රවාහනය කරන කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී සහතිකය (ප්‍රා.ලේ.අනු අත්සන සහිත)
5.එක් සතෙකු සදහා රු.50/- ක් PIV මගින් සරප් අංශයට ගෙවා ලබාගත් රිසිට්පත.
6.සතුන් සිටින වසමේ ග්‍රා.නි. සහතිකය
9 වටිනාකම් සහතික නිකුත් කිරීම. 1.අයදුම්කරුගේ ලිඛිත ඉල්ලිම් ලිපිය විනාඩි 30
2.දින 03 ක් ඇතුලත ලබාගත් හිමිකම් වාර් තාව
3.ඉඩමේ ඔප්පුවේ සහතික කල ඡායා පිටපතක්
4.ඉඩමේ පිහිටීම හා වටිනාකම පිළිබදව ග්‍රාම නිළධාරී නිර්දේශ සහතිකය
5.අදාළ ගාස්තු ගෙවීම
10 විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. 1. පොදු 274 ආකෘතිය සම්පූර්ණ කිරීම විනාඩි 10
2.විශ්‍රාමික හැදුනුම්පත ඉදිරිපත් කිරීම
3.වයස අවු.25 ට අඩු අවිවාහක දරුවන් ගමනේ යෙදෙන්නේ නම් යැපෙන බවට ග්‍රාම නිළධාරී සහතිකය 
11 ජනාධිපති අරමුදලින් වෛද්‍ය ආධාර ලබාදීම. 1.ග්‍රාම නිළධාරී නිර්දේශය ලබාගෙන යොමු කිරීම දින 03
12 වගා ආරක්ෂාව සදහා ගිනි අවි බලපත්‍ර අයදුම්පත් නිර්දේශ කිරීම. 1.ග්‍රාම නිළධාරී නිර්දේශය / සම්පූර්ණ කරන ලද අයදුම්පත දින 01
2.ඉඩමේ අයිතිය සනාථ කරන ලද මුල් ඔප්පුව සහ එහි ඡායා පිටපත
3.ඉඩම වෙනත් ප්‍රා.ලේ. කොට්ඨාශයකට නම් එම ග්‍රාම නිළධාරී වසම හා ප්‍රා.ලේ. කොට්ඨාශය
4.කෘෂිකාර්මික කටයුතු සදහා නම් ඊට අදාල ලේඛන.
5.පොලිස් වාර්තාව-අපරාධ කරුවකු නොවන බවට
13 සුරා බදු බලපත්‍ර අළුත් කිරීම. 1. අදායම් බදු ගෙවා ඇති බව දේශීය ආදායම් කොමසාරිස්  විසින් නිකුත් කරන ලද ලිපිය පැය 01
2.සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිශ්කාශන සහතිකය
3.සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිර්දේශය
4.කලින් නිකුත්කරන ලද සුරාබදු බලපත්‍රය
14 විදුලි විරෝධතා සම්බන්ධ පරීක්ෂාකර තීරණයක් ලබාදීම.

1.නියමිත දින විදුලි පරීක්ෂණය සදහා පෙනී සිටීම

විරෝධතා නොදැක්වුවහොත්

විරෝධතා දැක්වුවහොත්

 

දින 14

දින 28

15 විරෝධතා නොමැති විදුලිය ඉල්ලීම් පිළිබද නිර්දේශය 1.ඉඩමේ ඔප්පුව දින 15
2.ඉඩම හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි
16 වාහන හිමිකම් පැවරීම. නිවැරදිව සම්පූර්ණ කරන ලද නියමිත ආකෘති පත්‍රය විනාඩි 25
1.වාහන ලියාපදිංචි සහතිකය
2.අදාළ ගාස්තුව ගෙවීම.
3.ග්‍රාම නිළධාරී සහතික කරන ලද ඡායාරූප 02 ක් (2'x 2' 1/2)
4.සහතික කරන ලද හැදුනුම්පත් ඡායා පිටපත
5.වලංගු ආදායම් බලපත්‍රෙය් සහතික කරන ලද පිටපත
6.පරම අයිතියක් ඇත්නම් එය අවලංගු කිරීමට අදාළ මූල්‍යායතනයේ ලිපිය
17 වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම. 1.වාහන ලියාපදිංචි සහතිකය විනාඩි 03
2.පසුගිය වර්ෂයේ ආදායම් බලපත්‍රය
3.දුම් වාර්තාව (අවශ්‍ය අවස්ථාවලදී)
4.රක්ෂණ සහතිකය
5.යෝග්‍යතා සහතිකය (අවශ්‍ය අවස්ථාවලදී)
18 නව විශ්‍රාම වැටුප් ගෙවීම් කිරීම.(සිවිල්/වැන්දඹු/හමුදා/පළාත් පාලන) ලිපිය ලද පසු 1.විශ්‍රාමික හැදුනුම්පත සති 01
2.බැංකු ගිණුම් අංකය
3.නැවත අර්ධ රාජ්‍ය රැකියාවක නිරත නොවන බවට තහවුරු කිරීමේ ලිපියක්
4.ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්
5.නැවත විවාහයක් සිදු නොවූ වබට තහවුරු කිරීමේ ලිපියක්
6.ග්‍රාම නිළධාරී වාර්තාව ලබාදීම
19 දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම. 1.අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම සති 02
2.ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලේඛන (ඔප්පුව/පිඹුර/පත් ඉරුව)
3.හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි
4.ඉල්ලීමේ ලිපිය
20 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම. 1.ඉල්ලිමේ ලිපිය සති 03
2.අයදුම් පත්‍රය
2.ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලේඛන (ඔප්පුව/පිඹුර/පත් ඉරුව)
3.හවුල් ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි
4.ඉඩමේ අයිතිකරු මියගොස් නම් ඉඩමේ අයිතය සනාථ කිරීමේ ලේඛන (උප්පැන්න,විවාහ,මරණ)
5.දැව හෙලීමේ බලපත්‍රය (අවස්ථානුකූලව)
6.දැව පිළිබද අයිතිය සනාථ කිරීමේ ලේඛණ
7.දැව ලැයිස්තු පිටපත් 01
8.අඩවි වන නිළධාරි නිර්දේශය
21 මහජනාධාර අනුමත කිරීම 1.සමාජසේවා මහජන ආධාර 01 ආකෘති පත්‍රය දින 05
2.ඉල්ලීමේ ලිපිය
22 ආබාධිත පුද්ගලයින්ට නිවාස ආධාර ලබාදීම. 1.ආබාධිත බව තහවුරු කිරීමට වෛද්‍ය වාර්තා දින 05
2.ආබාධිත අයට අයත් ඉඩමේ ඔප්පුව
3.කාර්මික නිලධාරී වාර්තාව
4.අතිරික්ත මුදල් ලබා ගැනීමේ ලිපිය
5.ඉල්ලිම් ලිපිය
23 රෝගාධාර ගෙවීම 1.වෛද්‍ය සහතිකය දින 03
2.ඉල්ලීම් ලිපිය
3.ග්‍රාම නිලධාරි නිර්දේශය (අවශ්‍යතාව පරිදි)
4.ව.ප.ස.සේ.v. ආකෘති පත්‍රය
5.සමාජ සේවා නිලධාරි නිර්දේශය
24 සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකයන් බදවා ගැනීම 1.සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය දින 03
2.උප්පැන්න සහතිකය (වයස සනාථ කර ගැනීම සදහා)
25 අනියම් සහනාධාර ගෙවීම 1. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය  දින 03
2.ඉල්ලීම් ලිපිය
26 විස්තීර්ණ ආපදා සහනාධාර ගෙවීම 1.විස්තීර්ණ ආපදාවකදී ග්‍රාම නිලධාරිට දැනුම්දිය යුතුය. දින 03
2.ආකෘති පත්‍ර පිරවීම 
27 වැඩිහිටි හැදුනුම්පත් තිකුත් කිරීම 1.අයඳුම් පත්‍රය  දින 01
2.මුද්දර ප්‍රමාණයේ වර්ණ හෝ කලු සුදු ඡායාරූප 02ක්
3.වයස තහවුරු කිරීමට ලියවිල්ලක් (ජාතික හැදුනුම්පත/ උප්පැන්න සහතිකය/ විදේශ ගමන් බලපත්‍රය/රියදුරු බලපත්‍රය/ බැංකු ගිණුම් පොත
28 වැඩිහිටියන් වැඩිහිටි නිවාස වලට ඇතුලත් කිරීමට යොමු කිරීම 1.ඉල්ලිම් ලිපිය  දින 01
2.ඉල්ලුම් පත්‍රය
3.සමාජසේවා නි.වාර්තාව (යෝග්‍යතා සහතිකය)
29 වැඩිහිටි සමිති ලියාපදිංචි කිරීම 1.වැඩිහිටි සමිතිය වසරක කාලයක් පවත්වාගෙන ගොස් තිබීම.  
2.පළමුවන රැස්වීම් වාර්තාව/ අත්සන් ලේඛනයේ පිටපත්/ ව්‍යවස්ථාවේ සහතික කළ පිටපතක්/බැංකු ගිණුම් විස්තර/ බැංකු පොතේ ඡායා පිටපත ආදී ලේඛන ලබා ගැනීම
30 සංවර්ධන ව්‍යාපෘති සදහා ගෙවීම් කිරීම 1.ගෙවීම් කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම දින 03
31 විවෘත ටෙන්ඩර් මගින් මිලදී ගැනීම්  1.අවශ්‍ය පිරිවිතර සැපයීම දින 21
2.නිශ්චිත දිනට භාණ්ඩ සැපයීම
32 උප්පැන්න පිටපත් නිකුත් කිරීම 1.අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරීම විනාඩි 05
2.නියමිත ගාස්තුව ගෙවීම (අංකය හෝ  උපන්දිනය දන්නේ නම් සහතිකයක එක් පිටපතකට රු.120/-ක්ද,අංකය හෝ උපන්දිනය නොදන්නේ නම් වසර 02ක නොවැඩී කාලයක් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතකට රු.250/-ක්ද අවශ්‍යය)
33 විවාහ  පිටපත්  නිකුත් කිරීම 1.අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරීම විනාඩි 05
2.නියමිත ගාස්තුව ගෙවීම  (අංකය හෝ රෙජිස්ට්‍රාර් කොට්ඨාශය හෝ දිස්ත්‍රික්කය  දන්නේ නම් සහතිකයක එක් පිටපතකට රු.120/-ක්ද,අංකය හෝ ලියාපදිංචි දිනය නොදන්නේ නම් වසර 02ක නොවැඩී කාලයක් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතකට රු.250/-ක්ද අවශ්‍යය)
34 මරණ  පිටපත්  නිකුත් කිරීම 1.අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කිරීම විනාඩි 05
2.නියමිත ගාස්තුව ගෙවීම  (අංකය හෝ මරණය සිදු වූ දිනය දන්නේ නම් සහතිකයක එක් පිටපතකට රු.120/-ක්ද,අංකය හෝ මරණය සිදු වූ දිනය නොදන්නේ නම් වසර 02ක නොවැඩී කාලයක් පරීක්ෂා කිරීම සදහා එක් පිටපතකට රු.250/-ක්ද අවශ්‍යය)
35 කොට්ඨාසය තුළ පූර්ව දැනුම්දීමකින් පසුව සිදුවන විවාහ ලියාපදිංචි කිරීම 1.නිසි පරිදි ඉල්ලුම්පත් සම්පූර්ණ කර අදාල ගාස්තු සමඟ භාරදීම  විනාඩි 15
2.අනන්‍යතා සහතික ඉදිරිපත් කිරීම
3.කාර්යාලය තුළ විවාහ සිදුකිරීම සදහා රු.900/-ක්ද, විවාහ දැන්වීමේ සහතික පිටපතක් නිකුත් කිරීමට රු.100/-ක්ද, ලේකම් තැනගේ සහතික නිකුත් කිරීම සදහා රු.120/-ක්ද, විවාහ ප්‍රකාශයට රු.60ක්ද, විවාහ දැන්වීමට රු.120/-ක්ද ලෙස මුද්දර ගාස්තු ගෙවීම.
4.දැන්වීම් ලබාදීමේ සහ විවාහ ලියාපදිංචි කරන අවස්ථාවේදී සාක්ෂිකරුවන් 02 බැගින් සිටියයුතු අතර පාර්ශවකරුවන් සුදුසු ඇඳුමකින් සැරසී සිටිය යුතුය.
36 කල්ගිය උපත් ලියාපදිංචි කිරීම/ අනුමාන වයස් කල්ගිය උපත් ලියාපදිංචි කිරීම/ අනුමැන වයස් සහතික නිකුත් කිරීම 1.නියමිත ඉල්ලුම්පත්‍රය හා දිවුරුම් ප්‍රකාශ සම්පූර්ණ කර භාරදීම. (ගාස්තුව රු:60/=) දින 15
2.උපන් දිනය ස්ථානය හා මව පියා සනාථ කිරීමට අදාල ලියවිලි (දෙමාපියන්ගේ විවාහ සහතික, මව/ පියාගේ උප්පැන්න සහතික, හිස් ප්‍රතිඵල ලේඛණ, ග්‍රාම නිලධාරි වාර්තාව, වත්තක නම් වතු අධිකාරි වාර්තාව, රෝහලක නම් රෝහල් උපත් වාර්තාව) 
37 කල්ගිය මරණ ලියාපදිංචි කිරීම. 1.නියමිත ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර භාරදීම. (ගාස්තුව රු:60/=) දින 15
2.දිවුරුම් ප්‍රකාශ 
3.ලියාපදිංචි නොවූ බවට හිස් ප්‍රතිඵල ලේඛන ඉදිරිපත් කිරීම
4.මරණය සිදුවූ දිනය,ස්ථානය, හා මරණකරු පිළිබද තහවුරු කිරීමට අදාල ලිඛිත හා වාචික සාක්ෂි (ශෝක ප්‍රකාශ රිසිට්, ග්‍රාම නිලධාරි වාර්තාව, ආගමික කටයුතු කළ විහාරාධිපතිගේ ප්‍රකාශය)
38 නම් වෙනස් කිරීම 1.නියමිත ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර භාරදීම. (ගාස්තුව රු:60/=) දින 15
2.ග්‍රාම නිලධාරි සහතිකය
3.දිවුරුම් සහතිකය
4.වයස අවු.7 දක්වා ලේඛන අවශ්‍ය නොවේ./ වයස අවු :7 -21 අතර නම් වසරක් භාවිත වූ බවට සාක්ෂි 3ක්./ අවු:21 ට වැඩි නම් පුවත්පත් දැන්වීමක් සමඟ සාක්ෂි 3ක්.
39 අනෙකුත් සංශෝධන 1.නියමිත ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර භාරදීම. (ගාස්තුව රු:60/=)
2.ග්‍රාම නිලධාරි සහතිකය
3.දිවුරුම් සහතිකය
4.අදාල වරද නිවරැදි කිරීම සනාථ කිරීම සදහා වන ලිඛිත සාක්ෂි.
40 කලායතන ලියාපදිංචි කිරීම 1.සුදුසුකම් තහවුරු කරන සහතිකය සති 01
2.පාරම්පරික ශිල්පියකු නම් පරම්පරාව පිළබද පැහැදිලි විස්තරයක් ප්‍රාදේශීය ලේකම් නිර්දේශය සහිතව ඉදිරිපත් කිරීම 
41 දීමනා පත්‍ර ඉඩම් සදහා පසු අයිතිය නම් කිරීම 1.මුල් අයිතිකරුගේ ඉල්ලීම ලීපිය ,ඔප්පුව හා පිඹුර දින 02
2.පත් ඉරු පිටපත
3.අනුප්‍රාප්තිකරුගේ උප්පැන්න සහතිකය
4.නමේ වෙනසක් නම් දිවුරුම් සහතිකය
5.එක් අයෙකුට වැඩි නම් අතුරු පිඹුරු
6.රු25.00 ක මුද්දරය සමඟ සම්පූර්ණ කල ඉ.කො.155 ආකෘති 03
42 බලපත්‍ර ඉඩම් සදහා පසු අයිතිය නම් කිරීම 1.මුල් අයිතිකරුගේ ඉල්ලීම ලීපිය දින 01
2.අනුප්‍රාප්තිකරුගේ උප්පැන්න සහතිකය
3.නමේ වෙනසක් නම් දිවුරුම් සහතිකය
43 දීර්ඝ කාලීන බදු බලපත්‍ර නිර්දේශ කිරීම 1.17 පරිශිෂ්ඨයට අනුකූල දිවුරුම් ප්‍රකාශ පිටපත් 03ක් මාස 02
2.පුද්ගලික දිවුරුම් ප්‍රකාශ 03
44 වාර්ෂික ඵලදාබදු නිකුත් කිරීම 1.ඉල්ලීම් ඉදිරිපත් කිරීම දින 15
2.නියමිත බදු මුදල ගෙවීම
3.බදු කොන්දේසි රැකීම
45 දීමනා පත්‍ර ඉඩම් මිනුම් කටයුතු සදහා නියෝග කිරීම 1.ඉඩමේ සැලැස්ම,ඉල්ලීම් ලීපිය ,ඔප්පුව හා පිඹුර දින 01
2.මායිම්වල පදිංචි ඉඩම් හිමියන්ගේ එකඟතාවය ලබා ගැනීම
46 දීමනා පත්‍ර ණය මුදල් ලබාගැනීම සදහා නිර්දේශ කිරීම 1.ප්‍රදාන පත්‍ර යේ ඡායා පිටපත,ඉල්ලීම් ලීපිය ,ඔප්පුව හා පිඹුර  දින 02
2.පත් ඉරු පිටපත
3. දරුවන්ගේ උප්පැන්න සහතික /විවාහ සහතික
4.නමේ වෙනසක් නම් දිවුරුම් සහතිකය
5.දීමනාපත්‍රකරුගේ හැඳුනුම්පත/ විවාහ සහතිකය
6.කාලත්‍රයාගේ කැමැත්ත
7.අවු.18 වැඩි දරුවන්ගේ කැමැත්ත
47 නොතාරිස් ඔප්පුවකින් ඉඩම් පැවරීම 1.ඉල්ලීම් ලිපිය දින 15
2.ප්‍රදාන පත්‍රය හා පිඹුර
3.පත් ඉරු පිටපත
4.අනාථභාවයට පත් නොවන බවට 
5.දිවුරුම් ප්‍රකාශ

6. වෙනත් ඉඩම් ඇති බවට ඔප්පු හා පත්ඉරු 

7.පැවරුම්ලාභියා සම්බන්ධ  ආදායම් වෙනත් ඉඩම් නොමැති බවට ග්‍රාම  නිලධාරි වාර්තාව

8.ඥතින්ට පවරන්නේ නම් ඥතිත්වය තහවුරු වන ලිපි ලේඛණ

 

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

පුවත් සහ සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

03
සැප්2024
CITIZEN MIRROR තරඟාවලිය

CITIZEN MIRROR තරඟාවලිය

2026 වර්ෂයේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය   පැවැත්වූ...

03
සැප්2024
මහජන කවුළු සේවා සඳහා විවෘත කිරීම

මහජන කවුළු සේවා සඳහා විවෘත කිරීම

මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් පුළුල්...

« »
Scroll To Top