කොවිඩ් -19 පිළිබඳ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය
ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය COVID-19 ට එරෙහි ක්‍රියාන්විතය
නිතර අසනු ලබන ප්‍රශ්න
කොරෝනා වයිරස් යනු?
කොරෝනා වයිරස් යනු සතුන් හෝ මිනිසුන් තුළ රෝගාබාධ ඇති කළ හැකි විශාල වෛරස් පවුලකි. කොරෝනා පවුලට අයත් වෛරස කිහිපයක් මිනිසුන් තුළ, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු රෝග දක්වා ශ්වසන ආසාදන ඇති කරන බව දන්නා කරුණකි. මෑතකදී සොයාගත් කොරෝනා වයිරස් මගින් COVID-19කොරෝනා වයිරස් රෝගයට හේතු වේ..
කොවිඩ්-19 රෝගය පැතිරෙන්නේ කෙසේද?
මිනිසුන්ට වෛරසය ඇති අයගෙන් COVID-19 බෝවිය හැකිය. COVID-19 සහිත පුද්ගලයෙකු කැස්ස හෝ හුස්ම ගන්නා විට නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හරහා මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. මෙම බිඳිති පුද්ගලයා වටා ඇති වස්තූන් හා පෘෂ්ටයන් මත තැන්පත්වේ. අනෙකුත් අයට COVID-19 වෛරසය ශරීර ගත වන්නේ මෙම වස්තූන් හෝ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙනි. COVID-19 සහිත පුද්ගලයෙකුගේ ගෙන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට COVID-19 බෝවිය හැක. අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙකුගෙන් මීටර 1 ක් (අඩි 3) වඩා දුරින් සිටීම වැදගත් වන්නේ මේ නිසා ය. COVID-19 ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ අඛණ්ඩ පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරමින් සිටින අතර යාවත්කාලීන කරන ලද සොයාගැනීම් දිගටම බෙදා ගනු ඇත.
කොවිඩ්-19 හි රෝග ලක්ෂණ මොනවාද ?
මෙහි වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ, උණ, විඩාව, සහ වියලි කැස්ස වේ. සමහර රෝගීන්ට ඇඟ පත වේදනා, නාසය සිරවීම, සොටු දියර ගැලීම, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැක. මෙම ලක්ෂණ සුළුවෙන් පටන් ගෙන, ක්‍රම ක්‍රමයෙන් මතුවිය හැක.සමහර පුද්ගලයන් අසාදිත වුවත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අසනීප බවක් නොදැනේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවේ. බොහෝ අය (80%)ක් පමණ විශේෂ අවශ්‍ය නොවී, රෝගයෙන් සුවය ලබති. COVID-19 අසාදිත සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් 1 අයකුම බරපතල ලෙස රෝගාතුරවී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. වැඩිහිටි පුද්ගලයින් සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග හෝ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති අයට සංකුලතා ඇතිවීමේ ඉඩ කඩ ඇත. උණ, කැස්ස, සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති අය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුවේ.
කොවිඩ්-19 රෝගය වැළැක්වීමේ ක්‍රම
|
ඔබේ අත් නිතරම සෝදන්න |
![]() |
වැලමිට භාවිතයෙන් ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කරන්න |
![]() |
ටිෂු කඩදාසියකින්, ඔබේ කැස්ස සහ කිවිසුම් ආවරණය කර ඒවා නිසි ලෙස බැහැර කරන්න |
![]() |
ඔබේ මිතුරන්ට හා නෑදෑයින්ට අත දීමෙන් හෝ ඔවුන් සිප වැලද ගැනීමෙන් වළකින්න. |
![]() |
ජනයා ගැවසෙන ස්ථාන වලට යාමෙන් වලකින්න |
![]() |
පොදු ස්ථානයක සිටින විට හෝ කතා කරන විට ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගන්න |
(මූලාශ්‍රය : සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය )



















