වර්ෂ 2024 පෙබරවාරි මස 04 වන දින යෙදුන 76 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් “ හදමු අලුත් රටක්  ” තේමාව පෙරදැරිව මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම්, චමිලා පතිරණ  මහත්මියගේ ප්‍රධානත්වයෙන් මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී නිදහස් දින සමරු උත්සවය පැවැත්විණි.


ජාතික කොඩිය එසවීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් හා එක්ව ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව කාර්යාලයීය නිලධාරීන් ඇමතූ ප්‍රාදේශීය ලේකම්තුමිය නිදහසේ වැදගත්කමත්, මේ වන විට රටේ පවතින වාතාවරණය හමුවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් අවධාරණය කරන ලදි.

නිදහස් දින සැමරුමට සමගාමීව මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් හා දේශාභිමානී ගී ප්‍රසංගයක්ද සංවිධානය කර තිබිණ. මේ අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්‍යක්ෂතුමා, ගණකාධිකාරිතුමිය, පරිපාලන නිලධාරිතුමිය  ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්යමණ්ඩලය සහභාගි වී සිටියහ.

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

Scroll To Top