සැලසුම් අංශය
ප්‍රධාන කාර්යභාරය
- කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය හා මෙහෙයවීම.
- කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය හා මෙහෙයවීම.
- සම්පත් පැතිකඩ සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම.
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම• සංවර්ධන හා සම්පත් පැතිකඩ තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත ලබා දීම.
ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
- ප්‍රතිපාදන ලබා ගැනීම.තත්ව වාර්තා ලබා ගැනීම. (ව්‍යාපෘතිය එම ස්ථානයේ ක්‍රියාත්මක කිරීම සුදුසු ද යන්න පරීක්ෂා කිරීම)ඇස්තමේන්තු සැකසීම.
- ප්‍රසම්පාදන තීරණ ලබා ගැනීම.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාල පාර්ශව සමග ගිවිසුම්ගත වීම.ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරබීම.
- ඉදිකිරීම් ක්‍රියාවලිය පරීක්ෂා කිරීම.ඉදිකිරීම් ඇස්තමේන්තුවට අනුව අවසන් කර ඇත්නම් ගෙවීම් කටයුතු සිදු කිරීම.
- අදාල කාල සීමාව අවසන්වීමෙන් පසු රැදවුම් මුදල් නිදහස් කිරීමට කටයුතු සිදුකිරීම.මේ සියළු ව්‍යාපෘති පිළිබද සතිපතා දි.ලේ.කා. හා අදාල අමාත්‍යංශ වෙත වාර්තා ඉදිරිපත් කිරීම. (මේ සියළු ව්‍යාපෘති අදාල වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කල යුතුය)
මිල දී ගැනීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
- ව්‍යාපෘති යෝජනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
- ව්‍යාපෘති යෝජනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමත යෝජනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීම හා ප්‍රතිපාදන ලබා ගැනීම.පූර්ව විමර්ශන හා තත්ව වාර්තා ලබා ගැනීම. (ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හා යෝග්‍යතාව පරීක්ෂා කිරීම)
- ප්‍රතිපාදන ලබා ගැනීම.
- ආයතන හෝ පාර්ශව වෙතින් මිළ දී ගැනීම් අවශ්‍යතා හා අදාළ ලියවිලි ලබා ගැනීම. ( ආයතනයේ / සංවිධානයේ ලියාපදිංචිය )
- මිල ගණන් කැඳවිම හා මිල දී ගැනීම් සඳහා ගිණුම් අංශය වෙත ඉදිරිපත් කිරීම.
- අදාළ මන්ත්‍රීවරයාගේ උපදෙස් අනුව භාණ්ඩ බෙදා දීම














