විශ්‍රාම වැටුප් අංශය මගින් සිදු කරන සේවාවන්

  1. සිවිල් විශ්‍රාම වැටුප් සකස් කිරීම
  2. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සකස් කිරීම
  3. විශ්‍රාමික දුම්රිය බලපත්‍රයක් ලබා ගැනීම
  4. විශ්‍රාමිකයන් සදහා වැටුප් විස්තර ලබාදීම

සිවිල් විශ්‍රාම වැටුප් සකස් කිරීම

මෙම කොට්ඨාසයට අයත්

1.රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම ගිය පසු අදාල ආයතන මගින් එම අයගේ ලිපි ගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්මේන්තුවට යැවීම.

2.විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් එම ආයතනයේ විශ්‍රාම වැටුප සකස් කර ගෙවීම් කරනු ලැබේ. (විශ්‍රාම වැටුපු දත්ත පද්ධතිය මගින් - වාර්තාගත ක්‍රමය හරහා ගෙවීම් කරයි.)

3.අනතුරුව එම ලිපිගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එවනු ලැබේ.

4. අදාල ආයතනය මගින් ඇමුණුම් 1 ආකෘතිය මගින් ලිපිගොනුව අවශ්‍ය තොරතුරු තිබේදැයි පරීක්ෂා කර බලා අඩුපාඩු විශ්‍රාමිකයන්ගෙන් ගෙන්වා ගනු ලැබේ.

 

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සකස් කිරීම

  1. සිවිල් විශ්‍රාමික අය මියගිය පසු අදාල විශ්‍රාම වැටුප් ක්‍රමයේ ලියාපදිංචි වී ඇත්දැයි සොයා බැලීම.
  2. අදාල විශ්‍රාමික අය දායක වී ඇත්නම් ඇමුණුම් අංක 02 හි සදහන් ලියකියවිලි අප වෙත භාර දීම.
  3. අදාල ලියකියවිලි නිවරැදිදැයි පරීක්ෂාකර බලා සිවිල් විශ්‍රාම වැටුප් අංකය මගින් අදාල තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කර වැන්දඹු විශ්‍රාම වැටුප වාර්තාගත ක්‍රමය හරහා සකස්කර ගෙවීම් කිරීම.
  4. වැන්දඹු ප්‍රදානය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර අදාල වැන්දඹු ගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යවනු ලැබේ.

විශ්‍රාමික දුම්රිය බලපත්‍රයක් ලබා ගැනීම

  1. අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් විශ්‍රාමිකයන් ( දෙදෙනාම විශ්‍රාමික නම් එක් අයෙක් පමණක් ලබාගත යුතුය.) PD 07ආකෘතිය මගින් දුම්රිය බලපත්‍රයට ලබාගැනීම සදහා අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත පද්ධතිය මගින් ලියාපදිංචි විය යුතුය.
  2. පළමුවර පමණක් ඉහත ආකෘතිය මගින් ලියාපදිංචි වියයුතු අතර දෙවන වර සිට දුම්රිය බලපත්‍ර ලබාගැනීමට එන අවස්ථාවේ දී නැවත අකෘතිපත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවේ. විශ්‍රාම වැටුප් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ගමන කොහේ සිට කොහාටද යන්නත් යන එන දිනත් පමණක් අප වෙත ලබාදිය යුතුය.
  3. අනතුරුව මාර්ගගත හරහා දුම්රිය බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
  4. එක් පුද්ගලයකුට වර්ෂයකට කට්ටල 3ක් හිමිවෙනු ඇත.

විශ්‍රාමිකයන් සදහා වැටුප් විස්තර ලබාදීම

  1. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අංකය ඇතුලත් කර ඉල්ලීම් ලිපියක් අපවෙත ලබාදීම.
  2. ඒ අනුව මාසික වැටුප් විස්තර හා වාර්ෂික වැටුප් විස්තර මාර්ගගත ක්‍රමය හරහා ලබාදෙනු ලැබේ.

 

නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය PD7

 

 

පුවත් හා සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

පුවත් සහ සිදුවීම්

13
නොවැ2025
තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල

තැම්පාන ගැමි පිල මල්ලවපිටිය ප්‍රාෙද්හීය ලේකම් කාර්යාලයේ...

03
පෙබ2025

2026 අගෝස්තු - කාර්යාල රැස්වීම් දින දර්ශනය

2026 අගෝස්තු- කාර්යාල රැස්වීම් දින දර්ශනය අනු අංකය...

03
සැප්2024
CITIZEN MIRROR තරඟාවලිය

CITIZEN MIRROR තරඟාවලිය

2026 වර්ෂයේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය   පැවැත්වූ...

03
සැප්2024
මහජන කවුළු සේවා සඳහා විවෘත කිරීම

මහජන කවුළු සේවා සඳහා විවෘත කිරීම

මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් පුළුල්...

« »
Scroll To Top