ව්‍යාපාර නාම සම්බන්ධව
ව්‍යාපාර නාමයක කරන ලද හෝ ඇති වූ වෙනස පිළිබඳ වාර්තා කිරීම
- ව්‍යාපාරයේ කරන ලද හෝ ඇති වූ වෙනස පිළිබඳ වාර්තා කෙරෙන ලිපිය .- ව.ප.ස./ව්යා.නා.05
- තනි පුද්ගල / හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය.
අ. තනි පුද්ගල ලි.ප.ස. - ව.ප.ස/ව්යා.නා.01
ආ. හවුල් ව්‍යාපාර ලි.ප.ස - ව.ප.ස/ව්යා.නා.02
4.ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවූ මුදල් කුවිතාන්සියේ ඡායා පිටපතක්
5.වෙනත් : ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් වීම අනුව ඉදිරිපත් කළ හැකි සුදුසුකම් / තත්ව පරීක්ෂණ සහතික
6.ව්‍යාපාරයේ කරන ලද හෝ ඇති වූ වෙනස පිළබඳ වාර්තා කෙරෙන ග්‍රාම නිලධාරි වාර්තාව.
- හවුල්කරුවකු ඇතුළත්වීමේදී හෝ ඉවත්වීමේදී
අ. ඇතුළත්වන පුද්ගලයාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රා.නි. අනු අත්සන් සහිතව
ආ.ඉවත්වන පුද්ගලයා ඉවත්වන බවට කැමැත්ත ප්‍රකාශිත ලිපිය ග්‍රා.නි. අනු අත්සන් සහිතව ඉදිරිපත්
කළ යුතුය.
ඇ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් මියගොස් ඇති විටකදී ග්‍රා.නි. විසින් සහතික කරන ලද මරණ
සහතිකය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ගෙවූ මුදල් කුවිතාන්සිය.
අ. වෙනස්කම් ප්‍රකාශයක් සදහා ගාස්තු - රු.250/=
ලේඛන සොයා බැලීමට/ සහතික කළ ව්‍යාපාර නාම සහිතක පිටපතක් ලබා ගැනීම
1.ලේඛන සොයා බැලීමට හෝ සහතික කළ ව්‍යාපාර නාම සහතික පිටපතක් ලබාගැනීමට තනි පුද්ගල
හෝ හවුල් ව්‍යාපාර ඉල්ලුම්කරුවන් සදහා වූ ඉල්ලුම්පත්‍රය - ව.ප.ස./ ව්යා.නා.06
3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ගෙවූ මුදල් කුවිතාන්සියේ ඡායා පිටපතක්.
අ. ලේඛන සොයා බැලීමට රු. 25/=
ආ.පිටපත් කිරීමට රු. 25/=
තනි පුද්ගල / හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන හා උපදෙස් පත්‍රිකාව
1.ඉල්ලුම්පත්‍රය : තනි පුද්ගල -ව.ප.ස./ ව්යා.නා.03 හෝ හවුල් ව්‍යාපාර ව.ප.ස./ ව්යා.නා.04
- ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවූ මුදල් කුවිතාන්සියේ ඡායා පිටපත.
3.ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ඉඩම් පිළිබඳ විස්තර:
අ. ව්‍යාපාර ස්ථානය පෞද්ගලික නම් : ග්‍රාම. නි. විසින් සහතික කළ ඔප්පුවේ පිටපත.
ආ. ව්‍යාපාර ස්ථානය වෙනත් අයෙකු සතු නම් : ග්‍රා. නි. විසින් සහතික කළ ඔප්පුවේ පිටපත සමඟ
: ග්‍රා.නි. සහතික කළ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය ( ඥාති
සම්බන්ධයක් ඇත්නම් පමණි)
ඇ. ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු මියගොස් නම් : ග්‍රා. නි. විසින් සහතික කළ ඔප්පුවේ පිටපත, විසින් සහතික කළ මරණ
සහතිකය හා කලත්‍රයාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
ඈ. ව්‍යාපාරික ස්ථානය හවුල් ඉඩමක නම් : ග්‍රා. නි. විසින් සහතික කළ ඔප්පුවේ පිටපත හා හවුල්කරුවන්ගේ කැමැත්ත
ප්‍රකාශිත ලිපි /ලේඛන
උ. ව්‍යාපාරික ස්ථානය බදු ඉඩමක් නම් : ග්‍රා. නි. විසින් සහතික කළ බදු ඔප්පුවේ පිටපත
4.ව්‍යාපාරය හිමිකරු වෙනත් ප්‍රා.ලේ.කො.අයත් නම් පදිංචි සහතිකය
5.ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමට ලැබුණු තොරතුරු නිවරැදි බවට ග්‍රා.නි.වාර්තාව
6.වෙනත්: ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඉදිරිපත් කළ හැකි සුදුසුකම් / තත්ත්ව පරීක්ෂණ සහතික
1.ආහාර හා සතත්ව නිෂ්පාදන ආශ්රිත සියලු ව්‍යාපාර සදහා
- පී.එච්.අයි.වාර්තාව
2.කෘෂිභෝග ආශ්රිත සියලු ව්‍යාපාර සදහා
- ගන්නෝරුව වැනි පිළිගත් කෘෂිකර්ම පර්යේෂණ ආයතනයකින් ලබා
ගත් සහතිකයක්
3.දැව ආශ්රිත සියලු ව්‍යාපාර
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අනුමැතිය/ දිසා වනඅඩවි නිලධාරි වාර්තාව
4.අධ්‍යාපන ආයතන ආශ්රිත සියලු ව්‍යාපාර
- පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ලබාගත් සහතික
5.කර්මාන්ත ආශ්රිත සියලු ව්‍යාපාර
- පරිසර වාර්තාවක් ලබාගත යුතුය
6.ඖෂධ අලෙවිසල්
- නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනුමැතිය/ ඖෂධවේදියකු සේවයේ යොදවන බවට සහතිකය
7.මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය
- ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි සහතිකය තිබිය යුතුය
8.පලිබෝධනාශක ආශ්රිත ව්‍යාපාර සදහා
- පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ වෙතින් අනුමැතියක් ලබාගත යුතුය
9.මුද්‍රණාල
- මහේස්ත්රාත්වරයෙකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කළ යුතුය.
-ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදංචි සහතිකය
10. රූපලාවන්‍යාගාර
- නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනුමැතිය හා පිළිගත් අධ්‍යාපන ආයතනයකින් ලබාගත් සහතික
11.නවාතැන් පහසුකම්
- පොලිස් වාර්තාව
12.සත්ත්ව ගොවිපල, ගල් කැඩීම් ව්‍යාපාර මිරිස් වී වැනි ඇඹරුම්හල්
- මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර වාර්තාව
13.පානීය ජලය බෝතල් කර අලෙවි කිරීම
- ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ අනුමැතිය
14. සුවඳ විලවුන් අලෙවි කිරීම
- ඖෂධ අධිකාරියේ බලය ලත් නිලධාරි වාර්තාව / පී.එච්.අයි.වාර්තාව
7.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ගෙවූ මුදල් කුවිතාන්සිය
ව්‍යාපාරය ආරම්භ කළ දින සිට දින 14 ක් ඇතුළත ලියාපදිංචි කිරීම සදහා ගාස්තුව රු.500/= ( ප්‍රමාදවන සෑම මසකටම රු.25/= ක දඩ මුදලක් අයකෙරේ.
සැළකිය යුතුයි: වෙනත් ලියාපදිංචි ව්‍යාපාර ඇත්නම් ඒ බව සදහන් කළ යුතුයි.
ව්‍යාපාරයක වෙළඳ කටයුතු නතර කළ බව දැන්වීම
1.වෙළඳ කටයුතු නතර කළ බව දැන්වීමේ ලිපිය ව.ප.ස./ ව්යා.නා.07
(හවුල් ව්‍යාපාරයක් නම් සියලු හවුල්කරුවන් කැමැත්ත ප්‍රකාශ කර අත්සන් කර තිබිය යුතුය.)
2.තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරය ලියාපදිංචි සහතිකය
අ. තනි පුද්ගල ලි.ප.ස. - ව.ප.ස/ව්යා..නා.01
ආ. හවුල් ව්‍යාපාර ලි.ප.ස. - ව.ප.ස/ව්යා.නා.02
3.වෙළඳ කටයුතු නතර කළ බවට ග්‍රා.නි.වාර්තාව
රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න, මරණ හා විවාහ සහතික පිටපත් ලබා ගැනීම.
1.ඉල්ලුම්පත්‍රය.
2.පිටපත් ගාස්තු මුදල
ලියාපදිංචි අංකය හෝ දිනය ඇති විට පිටපතකට රු.120.00
ලියාපදිංචි අංකය හෝ දිනය නැති විට පිටපතකට රු.250.00
කල්පසු වූ උපත්/මරණ ලියාපදිංචි කිරීම - 24/36 වගන්තිය
1.ඉල්ලුම්පත්‍රය.
2.උපත/මරණ ලියාපදිංචි නොවූ බවට වන ලේඛන සෙවීමෙ ප්‍රතිඵලය
3.දිවුරුම් ප්‍රකාශය
4.ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය
5.උපත/මරණය සිදුවූ බවට සනාථ වන ලේඛන
( රෝහල් උපත්/මරණ වාර්තාව/ග්‍රාම නිලධාරී උපත්/මරණ වාර්තා (මුල් පිටපත)
6.දෙමාපියන්ගේ විවාහ සහතිකය / පියාගේ / මවගේ උප්පැන්න සහතිකය (උපත් සදහා)
7.ප්‍රකාශකගේ අනන්‍යතාවය සනාථවන ලියවිලි
8.ප්රකාශපත්ර ගාස්තුව රු.60/-
නාම සංශෝධනය - 27 වගන්තිය
1.ඉල්ලුම්පත්‍රය
2.අදාල උප්පැන්න සහතිකය
3.පුවත්පත් දැන්වීම (අවු.21 ට වැඩි නම්)
4.ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය
5.වසරකට වඩා වැඩි කාලයක් නව නම භාවිතා කල බවට වන සාක්ෂීන් (අවමය 3 ක් ) (අවු. 7 ට අඩු නම් දෙමාපියන්ගේ විවාහ සහතිකය)
6.දිවුරුම් ප්‍රකාශය
7.ප්‍රකාශකගේ ජා.හැ.ප.සහතික පිටපතක්
8.ප්රකාශපත්ර ගාස්තුව රු.60/-
පියාගේ තොරතුරු, විවාහක තත්වය හා විවාහයෙන් පසුව මවගේ නම වෙනස් කිරීම්, මවගේ තොරතුරු, හා වෙනත් වැරදීන් නිවැරදි කිරීම - 27 (අ) / 52 (1) වගන්තිය
1.ඉල්ලුම්පත්‍රය
2.අදාල උප්පැන්න සහතිකය
3.දෙමාපියන්ගේ විවාහ සහතිකය
4.පියාගේ/මවගේ විවාහ සහතිකය
5.ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය
6.දිවුරුම් ප්‍රකාශය
- 7. ප්‍රකාශකගේ ජා.හැ.ප.සහතික පිටපතක්
- 8. ප්රකාශපත්ර ගාස්තුව රු.60/-














