ජාතික හැදුනුම්පත සකස්කිරීම
- මුල්වරට හැදුනුම්පතක් ඉල්ලුම් කිරිම සදහා ඉදිරිපත් කලයුතු ලියවිලි
- පු.ලි.දෙ.අයදුම්පත්‍රය පත්‍රය
- උප්පැන්න සහතිකය
- ICAO ප්‍රමිතිය සහිත ඡායාරූපය
- රු.140/- මුද්දර ගාස්තු
- අවු.16 ට වැඩි නම් 2500/- දඩ රිසිට් පත
- ග්‍රාම නිලධාරි වෙත රුපියල් 200 ක් ගෙවන ලද රිසිට්පත
(මෙම අයදුම්පත් ග්‍රාම නිලධාරිගෙන් ලබාගෙන ,ග්‍රාම නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය)
- සංශෝධිත හැදුනුම්පතක් ඉල්ලුම් කිරිම සදහා ඉදිරිපත් කලයුතු ලියවිලි
- පු.ලි.දෙ.අයදුම්පත්‍රය පත්‍රය
- උප්පැන්න සහතිකය
- භාවිතා කරන හැදුනුම්පත
- ICAO ප්‍රමිතිය සහිත ඡායාරූපය
- රු.140/- මුද්දර ගාස්තු
- ග්‍රාම නිලධාරි වෙත රුපියල් 500 ක් ගෙවන ලද රිසිට්පත
(මෙම අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ලබාගෙන ග්‍රාම නිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය)
- නැති වූ හැදුනුම්පතක අනු පිටපතක් ඉල්ලුම් කිරිම සදහා ඉදිරිපත් කලයුතු ලියවිලි
- පු.ලි.දෙ.අයදුම්පත්‍රය පත්‍රය
- උප්පැන්න සහතිකය
- ICAO ප්‍රමිතිය සහිත ඡායාරූපය
- රු.120/- මුද්දර ගාස්තු
- හැදුනුම්පත නැතිවූ බවට පොලිසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
- නැති වු හැදුනුම්පත් අංක භාවිතා කල බවට සනාථ කෙරෙන ලියවිලි 02
- ග්‍රාම නිලධාරි වෙත රුපියල් 1000 ක් ගෙවන ලද රිසිට්පත
(මෙම අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ලබාගෙන ග්‍රාම නිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතුය)
** එක්දින සේවා සදහා ගාස්තුව රුපියල් 2000කි.එය කොළඹ හා කුරුණෑගල පළාත් ප්‍රධාන කාර්යාලය වෙත ගෙවිය යුතුයි.
උප්පැන්න,විවාහ හා මරණ සහතික ලබා ගැනීම
උප්පැන්න, මරණ හා විවාහ සහතික පිටපත් ලබා ගැනීම.
1.ඉල්ලුම්පත්‍රය.
2.පිටපත් ගාස්තු මුදල
ලියාපදිංචි අංකය හෝ දිනය ඇති විට පිටපතකට රු.120.00
ලියාපදිංචි අංකය හෝ දිනය නති විට පිටපතකට රු.250.00
කල්පසු වූ උපත්/මරණ ලියාපදිංචි කිරීම - 24/36 වගන්තිය
1.ඉල්ලුම්පත්‍රය.
2.උපත/මරණ ලියාපදිංචි නොවූ බවට වන ලේඛන සෙවීමෙ ප්‍රතිඵලය
3.දිවුරුම් ප්‍රකාශය
4.ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය
5.උපත/මරණය සිදුවූ බවට සනාථ වන ලේඛන
( රෝහල් උපත්/මරණ වාර්තාව/ග්‍රාම නිලධාරී උපත්/මරණ වාර්තා (මුල් පිටපත)
6.දෙමාපියන්ගේ විවාහ සහතිකය / පියාගේ / මවගේ උප්පැන්න සහතිකය (උපත් සදහා)
7.ප්‍රකාශකගේ අනන්‍යතාවය සනාථවන ලියවිලි
8.ප්රකාශපත්ර ගාස්තුව රු.60/-
නාම සංශෝධනය - 27 වගන්තිය
1.ඉල්ලුම්පත්‍රය
2.අදාල උප්පැන්න සහතිකය
3.පුවත්පත් දැන්වීම (අවු.21 ට වැඩි නම්)
4.ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය
5.වසරකට වඩා වැඩි කාලයක් නව නම භාවිතා කල බවට වන සාක්ෂීන් (අවමය 3 ක් ) (අවු. 7 ට අඩු නම් දෙමාපියන්ගේ විවාහ සහතිකය)
6.දිවුරුම් ප්‍රකාශය
7.ප්‍රකාශකගේ ජා.හැ.ප.සහතික පිටපතක්
8.ප්රකාශපත්ර ගාස්තුව රු.60/-
පියාගේ තොරතුරු, විවාහක තත්වය හා විවාහයෙන් පසුව මවගේ නම වෙනස් කිරීම්, මවගේ තොරතුරු, හා වෙනත් වැරදීන් නිවැරදි කිරීම - 27 (අ) / 52 (1) වගන්තිය
1.ඉල්ලුම්පත්‍රය
2.අදාල උප්පැන්න සහතික
3.දෙමාපියන්ගේ විවාහ සහතිකය
4.ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය
5.දිවුරුම් ප්‍රකාශය
6. ප්‍රකාශකගේ ජා.හැ.ප.සහතික පිටපතක්
7. ප්රකාශපත්ර ගාස්තුව රු.60/-
අංක 52(1) දරණ පනත යටතේ මරණ සහතිකයේ තොරතුරු වෙනස් කිරීමට අදාළ ලියකියවිලි (1,2,3 සහ 4 තීරු)
-
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් මරණ සහතිකය
-
මියගිය පුද්ගලයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය
-
මියගිය පුද්ගලයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් විවාහ සහතිකය
-
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් දරුවන්ගේ උප්පැන්න සහතික
-
මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්ලේඛන දරන්නාගේ (දෙමාපියන්, බිරිඳ හෝ දරුවන්) ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන පදිංචි සහතිකය (DS4 ආකෘතිය)
-
දිවුරුම් ප්‍රකාශය (අවශ්‍ය නම්)
- ප්රකාශපත්ර ගාස්තුව රු.60/-
අංක 36 දරණ පනත යටතේ පශ්චාත් මරණ ලියාපදිංචි කිරීම
-
අංක 36 දරණ පනත යටතේ පශ්චාත් මරණ ලියාපදිංචි කිරීමරෝහලේ මරණ වාර්තාව / ග්‍රාම නිලධාරී මරණ වාර්තාව / වතු මරණ වාර්තාව
-
අවමංගල්‍ය කටයුතු සඳහා ලැබුණු භාණ්ඩ බිල්පත් පිළිබඳ විස්තර
-
සමීපතම සබඳතා පිළිබඳ දිවුරුම් ප්‍රකාශය
-
ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරනු ලබන ග්‍රාම නිලධාරී වාර්තාව
-
ආගමික කටයුතු සිදු කළ බව සනාථ කිරීමට අදාළ ලියකියවිලි
-
මරණ අරමුදල ඔප්පු කරන්න සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ
-
ප්රකාශපත්ර ගාස්තුව රු.60/-














